මම ආව ජොහැන්නස්බර්ග් නගරෙට.පුරුදු පරිසරයක් නොවුනට මට පුරුදු සුවඳක්.පෙට්‍රල් සුවඳ දිග ඉව අල්ලගෙන ගිහින් මම නැවතුනෙ පාර අයිනට වෙන්න ගලාගෙන ගිය කුණු ඇලක් ළඟ.මම කුණු ඇලට එබුණා.කන්නාඩියකින් බැලුවා වාගෙ මගෙ මූණ වෙනදාටත් වඩා පැහැදිලිව පෙනුණා.මම හිනාවුණා.කුණු ඇලත් හිනා වුණා.වතාවක් දෙකක්.පාර අයිනටම වෙන්න පිපිල තිබුණ කළු රෝස මලත් මා එක්ක හිනාවුණා.එත්!!දැකල පුරුදු මූණක් නේද?ම්හ්!මතකයට එන්නෙම නෑ.නාලාගිරිගෙද?මේ වගෙ කළු හීනි මූනක් තිබුනෙ?හැම වෙලේම හිනා වෙන කළු මූණක්.දූවිලි දැවටුණ.
අමතක කරමු ඉතිහාසය.වාමාවර්තිකව හර්‍ද තර|න්ගයක් ඇවිත් මස්තිෂ්ක පිණ්ඩිකාව කම්පනය කලා.දෙදුරුමට මම තව ටිකෙන් කුණු ඇලේ....
adai me paththe awe..tikak amuthui wage..digatama liyanna..
ReplyDeleteස්තුතියි ධනංජය.ලියමු නේද එහෙනම්! :)
ReplyDelete