Monday, April 4, 2011

කුමාරිකාවෝ 04





සිහිනය!

සුපුරුදු වේදනාකාරී අවදිවීම.සිටු කුලයේ මව සහ සිටු කුලයේම සිරි කාලකන්නි කුලකයේ පියානන් දැ.නිබඳ පැතූ සුරක්ෂිත නිවස සහ ලැබූ නිරස කලහකාරී සැන්දැවන්.අයාලේ යන සිත සමඟම වනගත වන සුරූපී නව යොවුන් කාය ශක්තිය.නුහුරු බව හා අඩු අත්දැකීම් නිසාවෙන් වනයේ මංමුලාව.සිත්තම් පටයක් ලෙස කඳුළු වැකි දෙනෙත් අභියස.
නිරන්තරව පැතූ සිටුකුලයේ පීතෲ ගුණවත් දයාර්ද බව හා අහිමි වූ එය ම.

සිහිනයෙන් අවදිව දෙනෙත් දල්වා අනන්තය දෙස බලාගත් ඇය.

මිතුරනි!
ලෝකය ගෝලාකාර වන්නේ හෝ හතරැස් වන්නේ ඔබගේ මගෙ අපේක්ෂා නිසා නොවේ.එය එසේ වීමට නියමිතවම ඇති නිසා.වැලැක්වීමට උත්සාහ කලද නැවැත්විය හැක්කෙක් නොවන නිසා.

කුමාරිකාව සිහිනයෙන් අවදි වුනා.ඇස්වල කඳුළු වියලෙමින්.මිතුරු ගිරවා කුමාරිගේ පය පාමුල.ඇය ආදරයෙන් ඔහු අතට ගෙන මුහුන සිප ගත්තා.

ගිරවාට ආරෝහ පරිනාහ දේහයක් සහිත,ගුණ ගරුක,බල සම්පන්න,පීතෲ ගුණ සහිත කුමාරයෙක් වෙන්නට බැරිද?

Sunday, April 3, 2011

කුමාරිකාවෝ 03



කුමාරිකාවෝ 01
කුමාරිකාවෝ 02

ඔන්න ඉතින් වැද්දා කුමාරිකාව කැලේ තනි කරලා දාලා යන්න ගියා .දැන් තනියට ඉන්නෙ අර ගිරා මිත්‍රයා විතරයි
.කුමාරියට හරියට සිහි කල්පනාවකුත් නැ.ගිරා යාලුවා බලාගෙන හිටියා.වැඩේ හරි යන පාටකුත් නැ.යන්න ගිය වැද්දා ආපහු ආවෙත් නැ.ගිරවා පියාඹලා ගියා.ඇත වතුර තිබුණ විලකින් වතුර ටිකක් හොටේට අරන් ඇවිත් කුමාරිගෙ මූණට ඉස්සා.නිල් මල් කඩාන ඇවිත් කුමාරිගෙ වටේට තිබ්බ.තමන්ට පුළුවන් මිහිරිම හඬින් ගයන්න පටන් ගත්තා.යාළුවොත් අඩ ගහගෙන කුමාරිගෙ දෙපාවල කම්මුල් තියාගෙන කුමාරිව උනුසුම් කරන්න ගත්තා.රසම පලතුරු ගෙනත් හොටෙන් මිරිකලා කුමාරිට බොන්න දුන්නා.

කාලෙ ගෙවුණා.කුමාරි හෙමිහිට අත පය හොලවන්න ගත්තා.ටික දවසකින් ගල් පොත්ත උඩම වාඩි වෙලා ඇත බලාගෙන හිටියා.අන්තිමටම කුමාරි පරණ කුමාරි ම වුණා.

ඔන්න දවසක් මහ රැ මැදියමේ කුමාරිට ඇහැරුණා.ගිරා යාළුවා ළඟ හිටියෙ නැ.කුමාරි ගල් ගුහාවෙන් එළියට ආවා.හඳ එළිය යට කවුදෝවාඩි වෙලා ඉන්නවා.ඇඟ කළුම කළු හැඩි දැඩි කඩවසම්!කොලපාට සේද සාළුවක් පනාවක් වගේ දේකින් පිරිමදිනවා.කුමාරි ගල්ගුහා දොරටුවේ පය පැටලිලා වැටෙන්න ගියා.අර ආගන්තුකයා එක පාරටම පැනලා කුමාරිව අල්ල ගත්තා.

ඒ ඇස්!
ඒ ඇස්!

කාගෙද?........................

Friday, April 1, 2011

කුමාරිකාවෝ 02


ඔන්න ඉතින් දැන් අපේ කුමාරිකාව තදබල විදිහට අසනීප වෙලා,බොහොම අසාධ්‍ය අඩියකයි ඉන්නෙ.වැද්දටත් මේ මොකුත් හිතා ගන්න බැ.මොකො ඉතින් උන්දා වැද්දෙක් නෙ.අනික ගැණු පරාණයක් කියලා ආස්සරේ කරලා තියෙන්නෙත් අපෙ කුමාරිකාව විතරනෙ.වැද්දා දන්නෙ මස් මාංස එක්ක ගනුදෙනු කරන්න නෙ.මේවගේ වැඩ වැද්දට නුහුරුයි.කොහොමින් කොහොමින් හරි අන්තිමට කුමාරිකාව ආපහු හිටිය තැනටම ගිහින් දාන්න අපේ වැද්දා තීරනේ කරනවා.

කුමාරිගෙය කියන්න පුළුවන් සියළු අටකලම්පන්න ටිකත් මල්ලක දාගෙන කුමාරිවත් උස්සගෙන ඔන්න වැද්දා කැලේ මැද්දෙන් යනවා.නානාප්‍රකාර දේවල් වැද්දට හිතෙනවා.කුමාරිව මුලින්ම දැක්ක හැටි, තමන්ගෙ පැලට එක්කගෙන ගිය හැටි, පුළුවන් හැටියට ආරස්සා කල හැටි.(දැන් මේ මරණාසන්න මොහොතේ කුමාරිව කැලේ තනි කරන්න වැද්දා ගත්ත තීරණේ හරිද?අනේ මන්දා .ඒකට නම් කතනදරේ කියන මටවත් හරි උත්තරයක් දෙන්න බැ.)

කොහොමින් කොහොමින් හරි දෙන්නා අර ගල් ගුහාවට ආව.ගෝණ හමක් එලලා කුමාරිකාව ගල් පොත්තක් උඩ තිබ්බ වැද්දා කැලේ ඇතුලෙ නොපෙනී ගියා.කුමාරිගෙ ගිරා යාළුවා ඇවිත් ඒ ගල් පොත්තෙම එහා පැත්තෙන් වැහැව්වා.

Tuesday, March 29, 2011

කුමාරිකාවෝ 01


ඕන්න එකෝමත් එක කැලේක හිටියා කළුම කළු කැතම කැත වැද්දෙක්.වැද්දෙක් කිව්වට නිකම්ම නිකන් වැද්දෙක් නෙවී .හිතා ගන්නවත් බැරි තරම් මිහිරි කටහඬක් තිබ්බ වැද්දෙක්.කොටින්ම කියනවා නම් වැද්දෙක්ට තියෙන්න නුසුදුසු වර්ගේ එකක්.වැද්දට තදට ගෝරනාඩු කරන්න වගේම ලස්සනට ගයන්නත් පුළුවන් වෙලා තිබුණා පුදුමාකාර විදිහට.

ඔහොම කාලයක් ගියා.දවසක් මේ වැද්දා කැලේ යද්දි හරිම ලස්සන වනිතා කටහඬකින් ගීයක් ගයනවා ඇහුණා.වැද්දත් කැලේ පීරගෙන එතනට ගියා.ඇඳුමෙන් පැලඳුමෙන් රජකුමාරියෙක් වගෙ පෙනුන ලස්සන කෙල්ලක් ගල් ගුහාවක් ඉඳන් තනියම සින්දු කියනවා.කුමාරි ලඟම ගිරවෙකුත් නිස්සද්දව අහගෙන ඉන්නවා.ගල් ගුහාව උඩම ගිරවු රංචුවක්.වැද්දට අදහා ගන්න බැ.ඇයි යකෝ.මෙච්චර කාලයක් අර ජංගල් බුක් එකේ කොල්ලා වගෙ කැලේටම වෙලා හිටියා මිසක්,ඉඳලා හිටලා වැදි නැම්බියෙක් දැක්ක මිසක් මෙහෙම දැකිල්ලක්?වැද්දට උන් හිටි තැන් පවා අමතක වුණා.වැද්දත් ගයන්න පටන් ගත්තා.කුමාරිකාව තිගැස්සිලා බලන කොටත් වැද්දා ඇස් පියාගෙනම ගයනවා.ගිරව් රන්චුව ඉගිල්ලිලා ගියා.ඉතුරු වුණේ කුමාරිකාවයි ළඟ හිටපු ගිරවයි විතරයි.අනේ! නරකම කතාව මේ කුමාරිකාවට ඇවිදින්න බැ.ගිරව තමයි පලවැල ගෙනත් දීලා රට තොට විස්තර එහෙම කියල දීල තියෙන්නෙ.

මෙහෙම කුමාරිකාවක් තමන්ගෙ පැලේ ඉන්නව නම් කොයි තරම් නම් හොඳද? එහෙම හිතපු වැද්දා කුමාරිකාවත් උස්සගෙන ගිරවත් අරගෙන පැලට ගියා.ගිහින් ගිරවව කූඩුවක දාලා එල්ලුවා.කුමාරිකාවට කොහොමත් ඇවිදින්න බැ නෙ.ඒත් පැල වටේටම ලොකු කටු අකුලක් ගෙනත් දැම්මා.

.ඔන්න ඉතින් වැද්දා උදේම නැගිටලා දඩයමේ යනවා.කුමාරි තනියම සින්දු කිය කියා ඉන්නවා.යාළු ගිරව් ටික පැල ළඟ තියෙන ගස් වලට වෙලා අහගෙන ඉන්නවා.

කාලයක් යද්දි කුමාරිට මේ ජීවිතේ එපා වුණා.යාළු ගිරවත් කූඩුවක .අනිත් යාලුවෝ ළඟකට එන්නෙත් නැ.වැද්දාගෙ නපුරු කමුත් ටික ටික වැඩි වෙනවා.කුමාරි තීරණය කලා හොරෙන්ම පැනලා යන්න.ඒත් කොහොම යන්නද?කුමාරිට ඇවිදින්න බැහැ නෙ.අන්තිමට කල්පනා කරලා කල්පනා කරලා කුමාරි ලෙඩ වුණා.ඇස් ගිලිලා ගියා.හම රැලි වැටුණා.කෙස් ගැලවෙන්න ගත්තා.

Thursday, March 24, 2011

M A D N E S S


මම මේ සිටින්නේ ගිනි ගනිමින්.මේ දවස්වල පුරුද්දක් ලෙසටම මොනම ක්‍රමයකින් හෝ හිත ඇවිලීම සිද්ධ වෙනවා.වෙලාව කලාව අපිලිවෙල වුණත් ඒ සිදු වීම වෙනවා මයි.හිතා මතා හෝ කිසියම් සැලසුමක් ඇතිව නෙවෙයි.ඒක එහෙම වෙන්න නියමිතව ඇති නිසා වෙන්න ඇති.ළඟින්ම ඉන්න සියළු මහා,ක්ෂුද්‍ර ප්‍රාණීන් නොසිතූ වේගෙන් දුරස් වෙමින් සිටිනවා.අවිස්වාස නොකලත් විස්වාසද නොකරන හැටියට මේ ග්‍රහ චාරයේ දෝශයක් නොවිය හැක්කේ නොවේ.ඉඳිකට්ටාද ඇතුළු සියළු ලබැඳියන් මගෙන් දුරස් වෙමින්................

මායා කාරිය නැවත වැඩ පටන් ගෙන.මෙවර වඩාත් සූක්ෂම සහ කලාබර මුහුණුවරකින්.මායාකාරියක් ලෙස කාටවත්ම හිතෙන්නේවත් නැති ක්‍රමවේදයක් සහිතව.මා පවා ඇගේ මායමට හසු වී අවසන්.සීතාම්බර සළු ගෙල දවටාගත් නහයෙන් සිනාසෙන උල් දත් නැති ඇය.මායාකාරිය...........ද්වේශ සහගත නොවන නමුත් ඊර්ෂ්‍යා සහගත හැඟීම් වලට උල්පත් දෙන .

ඇගේ ග්‍රහනයට ඉඳිකට්ටා හසුවී ඇති බවවත් හඳුනා ගත නොහැකි තිමිරයක සිරවී සිටින මම.කිසිවක් පැහැදිලිව නොපවසන,නොහඟවන මගේ පෙම් ආන්ඩුව නොහොත් ඉඳිකට්ටාz..ඒ කිව්වේ ඉඳිකට්ටන්.ප්‍රේම සිහින.මායාකාරි හස්තයක රූකඩ.

නුදුරේ දිනකම මා ගලවා ගන්නට සුදු අස්පයා පිට නැගි සිහින කුමාර් එනතෙක් මග බලා සටින මෝඩ මම.මිහින් එයාර් රථයක නැගි මගේ මාතලී.සුන්දර නිදහස් ස්වර්ග රාජ්‍යයට මා කැඳවාගෙන යාමට පුල පුලා බලා සිටිනා.

දෙවියනි!
වහ වහා මා ස්වර්ගස්ථ කළ මැනව!



ප.ලි
:මගේ ප්‍රියතම කාව්‍යයක්කාර දුශ්ටයෙක් වන "චර්මි" ( ;) ) පවා මා සමඟ නෝක්කාඩුවෙන් ....තර්ජනාංගුලිය ඔසවමින්....(හරි බර ඇති)

Friday, March 18, 2011

ඉඳිකට්ටෝපහාරය!


මිනිස්සුන්ගෙ ජීවිත වලට මොන තරම් නම් නරක කාල එනවද?අපිට සමීපම අය කියලා අපි හිතාගෙන ඉන්න මිනිස්සුන්ගෙ වෙනස් වීම් ,නොසලකා හැරීම් ළඟ අපි මොන තරම් නම් අසරණ වෙනවද? ඒ වාගෙ වෙලාවක වටින්නෙ බණ කියන කෙනෙක්ද? එහෙමත් නැත්නම් හිත හෙමීට අත ගාල ඊට පස්සෙ නැගිටින්න ඕන විදිහ කියලා දෙන කෙනෙක්ද?
පුංචි කාලෙ වගෙම තාමත් අමාගෙ හිත එහෙම රිදවුම් ළඟ කඩා වැටෙනවා. ආච්චිගෙ සීයගෙ හුරතලේ හින්දාම වෙන්න ඇති.ආදරේ කියලත් අමා බලාපොරොත්තු වෙන්නෙ හිත හැදෙන හුරතල් වචන ටිකක් එක්ක පුංචි රැකවරණයක් විතරයි.ඉඳිකට්ටගෙ මොන දුර්වලකම් තිබ්බත් හොඳම ගතිගුණේ එකයි.කවදාවත් හිතෙන් වැටිලා ඉන්න වෙලාවක හිත හදන්නෙ නැතුව බණ කියන්නෙ නැ.ඉඳිකට්ටට අමාගෙ ජීවිතේ මේ තරම් තැනක් ලැබීමේ රහස ඒකයි.ඒක රහසක්ම තමයි.කොයි තරම් පුංචි දේකින් අපට ජීවිතයක් වෙනස් කරගන්න පුළුවන්ද?අනිත් අයටත් එහෙමද කියන්න මම දන්නෙ නැහැ.ඉඳිකට්ටා අමාට අතපත ගාන්න පුළුවන් තැග්ගකට ඒ කියන්නෙ භෞතික දේකට දීල තියෙන්නෙ බණ පොතක් විතරයි.(අනිත්වා ඉතින් බලෙන් කඩා වඩා ගත්ත එව්ව ;) )ඒත් හිත කඩා වැටෙන හැම වෙලාවකම දීල තියෙන යෝධ බලශක්තිය කෝටි ගානක් වටිනවා.මැත ජීවිතේ රැළි පෙරළි මැද අමා අද මෙතන ඉන්න වැඩියෙන්ම දායක වුණේ ඉඳිකට්ටගෙ වචන කියලා කිව්වොත් ඒක බොරුවක් නෙවෙයි.

ප්‍රේමයට නිර්වචන නම් දාස් ගානක් තියෙනවනෙ.ඒත් ඒ අතරින් මේක හරි, මේක වැරදියි කියන්න කාටද පුළුවන්?නෙතග බැල්මක ඉඳන් මුදු අනුරාගයක් දකවාම සමහරවිට ඊටත් එහාට ප්‍රේමයට දුර ගමන් යන්න පුළුවන්.

එහෙම නේද?


කතාන්දර ගොඩකට පස්සෙ මෙහෙම ප්‍රණාමයක් ලියවෙන්නේ ඒ නිසාමයි.ඉඳිකට්ටෝපහාරය! ඉඳිකට්ටෝ.බොහොම පින්! :)

Saturday, March 5, 2011

......යෝධයා........



"සොඳුරු අතීතයෙ නිමල පැතුම වී............"

ගුවන් විදුලිය
මහ හයියෙන් හී
පපුවෙ පල්ලටම

නොදන්නා දන්නාකම
වෙන් වීම්-හමු වීම්

කලු රකුස් මූණ

ඊයක් නෙවෙයි දැන් පින්සලක්

නිල් කහ රතු සුදු කොල දම් පාටින්.....නෙක නෙක වර්ණ රටා........

දුම්‍ රියේ දෙවෙනි මැදිරිය.....
සින්නක්කර ආසන
තනිව නූස් මම.

වේගයෙන් තිරංග යෙදීමට
රියදුරුට බලකල මල්සර

ආදරේද?

නොඇසුව වැදගත්ම
අවැදගත් ප්‍රශ්නය.

"වෙරළ රල හා තරහ වී නැත
අතීතය මගෙ හදවතේ නැත...."

දින සති මාස >>වසර හතරක්...
ගැටුම් රැවුම් ගෙරවුම් අණ පනත්
කිසිදා කඩ නොකල

සුවච කීකරු පතිනිය..නිරන්තර සැකකාරිය
කවිකාර දඟකාරිය......හෙට දිනෙක මා බාරිය

ප්‍රේමය ..වියෝග ප්‍රවේගය අනන්තව
අහසින් ඔබ්බට
දුරින් දුර
(රටකින් එහා ඉගිලී තනි වෙන්න බැ)

සුබ මොහොතින්.....!

ඔහු.යෝදයා
මම:වීතරාගී


අතේ ඇති මැණික්
ඔපය වැඩි
අගය නැති