Monday, June 27, 2011

ස්ස්ස්ස්ස්ස්.....!


ඉතාම ඇත අතීතයක ,හරියට ම ප්‍රොමිතියස්ගේ කාලයටත් පෙර ,කුඩා දූපතක පිහිටි ප්‍රාන්ත රාජ්‍යයක හුරුබුහුටි යුවතියක් වාසය කලා.තරමක් උගත් ,නමුත් අප්‍රවේශම් කාරීව වචන හසුරුවන.ජීවිතයේ ඉතාම දරුණු යැ'යි තමන්ම කියාගත් හැලහැප්පීම් වලට මුහුණ දුන්න මේ කුමාරිට අහම්බෙන් දිනක් සුරදූතයෙක් මුණ ගැහුණා.සුරදූතයා කුමාරිකාව හඳුනා ගත්තා.ඇගේ දුර්වලකම් හඳුණා ගත්තා.නුදුටුවා සේ සිටියා.අවැසි විටෙක ,උපදෙස් පතනා විටෙක,උපදෙසුත් දුන්නා.වචනය හරිම බලවත්!යුවතිය අවබෝද කරගත්තා.

දිනක් සුරදූතයා සමඟ දේව හමුවකට යන්නට කුමාරිකාවට අවස්ථාව ලැබුණා.සබාව අසාමන්‍ය විදිහට නොසන්සුන් .දේව දූතයන් වචනවලින් දමා ගසමින් එකිනෙකාගේ හිතවත් කම් දවා ගනිමින් සිටියා.දේව සබාවක මිනිස් දුවකට කළ හැකි යමක් නැහැ.යුවතිය තම අතේ තිබූ බට නලාව හෙමින් වාදනය කරන්න පටන් ගත්තා.

සුරදූතයන් නිහඬ වුණා .නිහඬ
තාවය මැදින් මිහිරි සංගීත රාවය සුර හිත්,හිස් මතින් ගලාගෙන ගියා.පුරුදු සාමය ම නොවුනත් සියල්ලන්ටම සතුටින් විසිර යන්නට මග සැලසුණා.අන්තිමට දේව සබාවේ නායක තැන යුවතියට එහි සංගීත සපයන්නියගේ තනතුර පැපිරස් පත්‍රයක ලියා පවරා දුන්නා.

වචනය බලවත් !
ඇත්තයි.

ඒත් නිහඬ බව ඇතැම් විටෙක ඊටත් වඩා බලවත් ...... :)

Sunday, June 19, 2011

අන්දකාරය සහ නිල් ඇස.


ඉඳිකට්ටා ආයෙමත් ඇවිත්.අවසානයක් නොපෙනෙන සුරංගනා කතාවක අත් පිටපතක් ඇතුලෙන් ආදරේ අලවලා ,ඒක නමක් ගමක් නැති රසකැවිලි පාර්සලයක් උඩින් තියාගත් , මං ලෝබයෙන්.අප්‍රමාණ ප්‍රේමයෙන්.ගැලවී යන්න සූදානමින්.ඇලවෙන්න ඉතා සූදානමින්.හීනි ඇස් ඇති බෝනික්කෙක් සහිත හීන නිතර නිතරම දකිමින්.

වේදිකාව ආයෙමත් අඳුරු වුණා.මේ දෙවන දර්ශනේ.මංගල දර්ශනේට එන්න බැරි වුණා.බැරි වුණා ම නෙමෙයි.හිතලම මග ඇරියා.ජනතාව අඩුයි .අඳුනන මූණක් නැතිම තරම්.ඇස් දෙකක් ඇවිත් සද්දන්ත වේදිකාව උඩ නැවතුණා..........

ගායක් පිරිස නිහඬයි.ප්‍රේක්ෂකාගාරෙත් නිහඬයි...............


මං ඉතා තදින්,සෙමින් හුස්ම ගනිමින්....../........../............./............../....................../

එක්වරම ........

ආයෙමත් ආලෝකය දැල්වුණා.
මහා හඬින් සිම්බලයක් නාද දුන්නා....////////////////

මද්දලය හා ඒකාත්මික වෙච්ච ගීත හඬ වේදිකාව ඉක්මවමින් ප්‍රේක්ෂකාගාරයත් දෙදරවන්න ගත්තා.
//::/:/:/:/:/:/:/:/:/:/:/:/:/:/:/:/:/:/:/:///::/:/:/:/:/:/:/:/:/:/:/:/:/:/:/:/:/:/:/:/

................................................................................................................................................

ඉඳිකට්ටා ඉතා සියුම්ව මගේ ඇඟිලි තුඩු අල්ලාගෙන.
නිහඬවම.
තවමත්,
වේදිකාව අඳුරු වූ මොහොතේ සිටම..............

ඉතින් රසකැවිලි ගැන නොහිතා කොහොමද ? :)



Saturday, June 4, 2011

මතක ! මතක! මතක!



දවස් ගත වී හෙමිහිට
හෙමි හෙමින් විත් ළඟට ම
ඉස්සර වගෙයි තාමත්
හිත තැති ගැනෙන තරම ද

විරිත්තා හිනැහෙන
මෝඩකම් නැති මෝඩයා ඔබ

ලියන්නට මුළු හිත
සයිබර් තාප්පේ වට
හිතා පෙර එක දවසක
ඉඳිකට්ටාන ඔබ ගැන
ලීවා නොවේ කවි
ලියවුණා පද නොදැනිම

ඔබ ඒ මගම පහලට
මම හති දමන් ඉහලට
රතුම රතු මල් කුඩ
පාට බොඳ වූ දම් කුඩ
අඳුරු වත ඇති නෙක නෙක
කතා වී ඒ පෙර දින ;

මහතා කතන්දර
ලියා බෝ රස විසිතුර
ඇද ඇද එරස මුසු බස
පිනා ගිය වග වීය මුල් පොත

ගඩොල් සකිසඳ ඔබ ගැන
ලියන්නට ඇත නෙක පද
සයිබරේ මගතොට
පළමු සිනහව ඔබෙන් වූ සඳ

පැන්ඩා බඩ තඩි අහිංසක
සොයා රස රස උණ කොළ
විත් දුක සැපද විමසන
හද බසද හැඳිනීය නිවරද

සැම් හිත හොඳ දොස්තර
නාටකා වග විස්තර
පුම්බා මාව උස්කර
හදේ රැඳි වග කියමි මිත්තර ;)

සිතට සීතල දනවන
නෙතට
Link
තෙතමන ගෙන එන
පිණි බිඳු
පුංචි මිතුරිය
සිහිකරමි ඔබ ලතෙත් හැඟුමින


මධුරංග කොළුවා
අමතක කරනු බැරුවා
කොමෙන‍්ටුද කෙරුවා
හිත මිතුරුකම් සිතේ දැරුවා

යකා මුත් යකු වැඩ නැත
බුකවූ මූණ හැඩ නැත ;)
සාතා හදේ මුදුනත
සිටී නිති කිති කවයි හද මස

කතා නොදමමි කෙලෙසක
ටැබූ ඔබ වග විස්තර
පිපාසාවට දිය
විලස සෙව්වෙමි ඔබ කතන්දර

ටොපි ලියන රචියාද , දිවි දුක
"දුකා" නම ගෙන ලියන සකි සඳ
ප්‍රේමයෙන් ආතුරවු දන හද
තවන සනසන "ලිශා" "හිපි" නම

නිබඳ සමරමි සමර නම මම
අකුරු අතරින දිවි පොහොනි කළ
රසවතිය හා වචන ටැක්සිය
රස මගේ මා දුරක ගෙන යන

සුනේත්තරා ඔබ නම
සටහනක් පමණක්ම තබනෙමි
ලියන්නට බස සවි නැති
ගොලුවතක් පා නිහඬවම යමි

ලියා මෙහි මේ පද
තුති පුදමි නම නොදත් ඔබටද
ආවා ගියා වුව
තබා ගිය අඩි ඇතිය සුරැකිව

වීතරාගී නම ගෙන
ලියා ලා නෙක නෙක පද
සිස් කරන්නට හද ගැබ
සයිබරේ ඔබ වීය පන්හිඳ


මිත්‍රවරුණි! මේ වීතරාගීගෙ පනස්වෙනි පද ගැට ගැහිල්ල.ස්තූති
වන්තවෙන්න ඕනෙ හැමෝටම.තිස් තුනක් පදිංචිකාර මිතුරන්ට,"ආවෝ-ගියෝ" වුණ මිතුරන්ට .හිත් සැහල්ලුව සැහල්ලු වුණා. සම හද ඇතිවුන් හමු වුණා.සතුටුයි අපට අප්‍රමාණව. :)