
පටන් ගන්නකොටම මේ මොකක්ද බොලේ කියලා හිතා ගෙන ගොඩ වැදුනු කට්ටිය අනපේක්ෂිත තිගැස්මකට ලක් කරන්න නම් බලාපොරොත්තුවක් නැහැ.කාන්තාවක් හැටියට මෙහෙම මාතෘකාවක් ගැන කතා කරන එක සදාචාර සම්පන්නද කියලා මගෙන් ප්‍රශ්න කරන්නත් කීප දෙනෙක්ම ඉදිරිපත් වෙන්න පුළුවන්.කොහොම වුණත් කාලයක් තිස්සේ අනන්තවත් කතා වෙන ,කතා වුණ කතාන්දරයක් ගැන මගේ අන්දරය ලියලා දැම්මා ඕන්.අමතර අටුවා ටීකා මොටද.බහිමුකෝ කෙලින්ම කතාවට.
මනුස්සයෝ හැටියට උපදිනකොට කොයි කවුරුත් එන්නේ ප්‍රභාශ්වර මනසක් එක්ක කියලනේ ධර්මයේ තියෙන්නේ.කාලෙත් එක්ක එකතු වෙන කුණු කන්දල් සහ වටිනා කියන ඥාන සම්බාරෙත් එක්ක මේ මනස අළුත් වෙනවා.දූෂිත හෝ දියුණු වෙනවා.කාලෙත් එක්ක අවබෝද කරගැනීමේ හැකියාව වැඩි වෙනවා.පරිනත වෙනවා කියලානෙ ඕකට කියන්නෙ.
මතක් කරලා බලන්නකෝ තම තමන්ගේ ජීවිත අත්දැකීම් එක්කම.ඉස්සර තරම් දැන් සමහර පුද්ගලයන්,කාරණා එක්ක තරහා නොයන්න පුළුවන්.සමහර විට ඉස්සරට වඩා ආවේගශීලී වෙන්නත් පුළුවන්.ඉස්සර කෝප ගත්ත දේකට දැන් අනුකම්පාවක් වගේ දෙයක් ඇති වෙන්නත් පුළුවන්.
අවුරුදු දොලහ දහතුනේදි කෙල්ලෙක් නම් කොල්ලෙක් දැක්කම ,කොල්ලෙක් නම් කෙල්ලෙක් දැක්කම ඇතිවුනු තිගැස්ම මේ වෙද්දි කොයි තරමක් නම් තුනී වෙලා ඇද්ද?ඒත් සමහර පුද්ගල චරිත ඉස්සරහා සමහරවිට ඒ නාඹර වයසෙදි ඇති නොවුණු තරම් ආවේගශීලී ප්‍රේමණීය හැඟුම් එනවා ඇද්ද?හිතලා බලන්න.ජීවිතේ මිනිස්සු මොන තරමක් නම් ප්‍රේමය වෙනුවෙන් පරිත්‍යග කරලා තියෙනවද?සමහර විට අපි එකඟ නොවුණත් ජීවිතය පවා.
එහෙම ප්‍රේමයෙන් අවසානයට අපට ලැබෙන්නෙ මොනවද?ධර්මයේ අනිත්‍යය කියලා තියෙන බවත් ,අපේ ගායකයෝ "ලොවේ පැරදුම මිසක කිසිදා ලැබූ දිනුමක් නැ"කියලා කියන්න ගන්න බවත් අපට තේරෙන්නෙ එතකොට.හැබැයි ඒ වෙලාවට විතරයි.අපේ හිතට ආයෙමත් අර මවාගත්ත ප්‍රේම මනෝරාජ්ජය නඩත්තු කරන්න ඕන වෙනවා.
එතන තමා කොස්ස.අහක දාපු පතකට වඩා හිත යන්නේ අලුත් දේකට.ජීවිතේ ආපස්සට කරකවලා මුල සිට පටන් ගන්න උත්සාහය.ඒකත් ලේසි පහසු වෙන්නෙ නැහැ.අවුරුදු හැට හැත්තැවක් වෙච්ච මුළු ජීවිතෙන් ඒ වෙද්දි සැලකිය යුතු කොටසක් ගෙවිලා ඉවරයි.විකල්පයක් නැහැ.
සමහරු නම් එතනින් එහාට හැරෙන්නෙ අර තිතට තිත තියපු දෙසට.එතනදි කොටු කිරිලි පටන් ගන්නවා.ගෙදර සිට රාජාන්ඩුව දක්වා.ඊළඟට කොටු පැනිලි.ස්ත්‍රී පුරුස වෙනසක් නැතිව ජීවනය හොයාගෙන යන ගමන.......
ඕන්න ආවා හොඳම තැනට.ජීවිතේ කවමදාක හරි එහෙම දේකට මුහුණ දෙන්න වුණොත් ඔබ මොකද කරන්නේ?
කොටු පැනිල්ලද?
නැත්නම් කොටු කිරිල්ලද?
එහෙමත් නැත්නම්???????
ඇත්තම කියන්න එපැයි මම් තකහනියේ දුවන් ආවේ වීතරාඟිට මොකෑ මේ එකපාරම කොට්ටක් ගැන ලියන්න හිතුනේ කියලා. මට නම් ඔය සදාචාරය ගැන එහෙම හිතෙන්නේ නෑ ඕං !! :)
ReplyDeleteදරුවෙක් උනාම සාරධර්ම වලින් යම්තාක් දුරට කොටු කරන්න ඕනා. නැතුව දරුවෙක්ව හොදට හදන්න බෑ නේ !!!
කොටු පැනිල්ල...... මට මේ සටහන මදි වීතරාගි... කිවවෙ ප්‍රමාණාත්මකව.... මදි පාඩු ටික ලියන්න බලන්නද?
ReplyDeleteඅහන්න දෙයක් නෑ කොටු පැනිල්ල තමයි .......
ReplyDeleteකොටු පැනිල්ල කියන එක පැහැදිලිව අර්ථ දක්වල නැති හින්ද මොකුත් කියන්න බෑ... ;)
ReplyDeleteඇත්තම මමත් සාතන් සමග 100% එකග වෙමි
ReplyDeleteGood Post
ReplyDeleteකෝ බොලේ මං දාපු කමෙන්ට් එක? වැටිල නැද්ද? කතුරට අහුවුනාද?
ReplyDeleteමම නම් හිතන්නේ ජීවිතේ කවදාවත් ඒ වගේ තැනකට මූණ නොදෙන මගේ හිත හික්මිලා තියෙනවා. හැමෝටම ස්වයං හික්මීමක් අවශ්‍යයි. එහෙම නැති අය කොටු පනිනවා. කාට කරි කියන්න පුළුවන් හික්මීම කියන්නේ කොටු කරන එකයි කියලා. හික්මීම කියන්නේ කොටු කිරීම වගේ බලෙන් කරන දෙයක් නෙමෙයි.
ReplyDelete@මධුරංග
ReplyDeleteඒක ඇත්ත.බාල කාලෙ අත්දැකීම් පස්සෙ කාලෙක මුළු ජීවිතේම වෙනස් කරන්නත් හේතු වෙන අවස්ථාවල් ඕන තරම්
@ඔබ නොදුටු ලොවක්
ReplyDeleteහ හා!කොටු වැටෙයි :)))))))))))
@සාතන්
ReplyDeleteඅනේ බොලා බබා නෙ...;)
@දේවා ගේ අඩවිය
ReplyDeleteපොඩි දරුවෙක්ද කොහෙද..පව් අනේ! :P
@Anonymous
ReplyDeleteබොහොම ස්තුතියි යාලුවේ!
@Charmi
ReplyDeleteනැ නැ සැම්!කැපිලා නැ.ඔය තියෙන්නෙ.... :))))))
දැන් ඔහේ මොනා හරි බාලා පැත්තකට වෙලා ඉන්නවා මිසක් බ්ලොග ගැන කිසි සැලකිල්ලක් නැති පාටයි.අපටයි පාඩුව පාලුව දෙකම ..
@ පූසා
ReplyDeleteපූසගෙ කතාවෙත් සැහෙන ඇත්තක් තියෙනවා.ඒත් පූසො සමහර අවස්ථා එනවා තීරණයක් ගැන හිතා ගන්නවත් බැරි වෙන. :)
පුසාගෙ කතාව හරී , මම නම් කොටු පැනිල්ලයි, කොටු කිරිල්ලයි දෙකම නොකර හිත දමනය කර ගත්තා.... කාලයත් එක්කම හිත නිකම්ම දමනය වෙනවා....එතකොට කිසි දුකක් නැහැ....අතිතය මතක් වෙනකොට දුකත් හිතෙනව, යළුවො එහෙම ජොඩු දාලා පාරෙ යනව දකින් කොට හුදෙකලාබවකුත් දැනෙනව, එත් එ හුදෙකලාබව හරිම සුන්දරයි .... එත් හිත හික්මවා ගත්තහම හරිම සැහැල්ලුයි....අවුරුදු 16කට පසුත් තාමත් එහෙමමයි... ඔබට ජය
ReplyDeleteස්තුතියි කුෂී!
ReplyDelete